මළවුන්ගේ දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක සැමරුම් සංවිධානය කර ඇත.
ලොව පුරා කිතුනු බැතිමතුන් නොවැම්බර් මාසය හඳුන්වන්නේ මළවුන්ගේ මාසය ලෙසින්.
මේ මාසයේදී තම මළගිය සමීපතමයින් සිහිකිරීම ඔවුන් සිදු කරයි.
බටහිර රටවල ඉතාමත් ජනප්‍රිය හැලොවීන් උත්සවය ආරම්භ වන්නේත් මේ ඇසුරෙන්.
මෙක්සිකෝවේ මළවුන්ගේ දිනය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරයි.
ඒ එම රටෙහි පැවැත්වෙන උත්සව අතුරින් විශාලම උත්සවය ලෙසයි.
මෙක්සිකානු වැසියන් මළවුන්ගේ දිනය සැමරීමට එක්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මළවුන්ගේ දිනය කියා හැඳින්වූවත් මෙය සැබැවින්ම දින දෙකක් පුරා පැවැත්වෙයි.
බොහෝදෙනා මෙම උත්සවය හඳුනන්නේ පුරාතන ඇස්ටෙක් ශිෂ්ටාචාරය හා බැඳුණු සිරිත් විරිත් සහ පසුකාලීන යුරෝපීය ආක්‍රමණ නිසා ලැබුණු ආභාසයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.
සෑම වසරකම නොවැම්බර් මස පළමුවැනිදා හා දෙවැනිදා පවත්වන මෙම උත්සවයේ පළමු දිනය වෙන් කර ඇත්තේ මියගිය කුඩා දරුවන් වෙනුවෙන්.
දෙවැනි දිනයේ සැමරෙන්නේ මියගිය වැඩිහිටියන්.
නිවෙසේ හෝ සොහොනෙහි පූජාසනයක් සාදා තම පවුලේ මියගිය පුද්ගලයා ප්‍රිය කරන ආහාර, බඩුබාහිරාදිය, මල් හා ඉටිපන්දම් වැනි දෑ තබා තිබෙන්නේ ඒදිනට තමන්ගේ පවුලේ මියගිය සාමාජිකයන් ඔවුන් සමඟ කාලය ගත කිරීමට නිවසට පැමිණෙන බවට ඔවුන් විශ්වාස කරන නිසායි.
මෙම උත්සවය නිසා මෙක්සිකෝව වෙත ලැබී තිබෙන සංකේතයක් ලෙසින් තරමක් ප්‍රසන්න පෙනුමැති පැණි රස හිස් කබල හඳුන්වන්නට පුළුවන්.
මළවුන්ගේ දිනය සැමරීමට ග්වාතමාලාවේ වැසියන් එක්ව සිටි ආකාරයයි මේ.
එදින එරට වාර්ෂිකව පැවැත්වෙන සරුංගල් සැණකෙළිය මෙවරත් පැවැත්වුණි.
මළවුන්ගේ ආත්ම සරුංගල්වලට මග පෙන්වන බවට ග්වාතමාලා වැසියන් විශ්වාස කරයි.
මළවුන් පිදීමෙන් අනතුරුව ග්වතමාලා වැසියන් සරුංගල් සැණකෙළිය නැරඹීමට එක්වුණි.
විෂ්කම්භය මීටර් දහයකට වඩා වැඩි දැවැන්ත සරුංගල් සැණකෙළියට එක්කර තිබීම විශේෂත්වයක්.
මළවුන්ගේ දිනය යෙදී තිබෙන නොවැම්බර් 1 වැනිදාට දින 40 කට පෙර සරුංගල් සැණකෙළියට සූදානම් වීමේ කටයුතු ආරම්භ වන අතර තරුණ ප්‍රජාව මහත් උනන්දුවෙන් ඊට සහභාගී වන බව සඳහන්.
දේශපාලනය, ආගම සහ සංස්කෘතිය යන තේමාවන් යටතේ නිර්මාණය වූ සරුංගල් නිර්මාණ මෙම සැණකෙළියේදී දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළේය.




