රණවිරුවන්ගේ අභිමානය නැවතත් ගොඩනගන බවත්, රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට තමන් බලාපොරොත්තුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගාල්ල බලපිටියේ ඊයේ(03) පැවති ජනරැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ තවත් ජන රැලියක් බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේදී ඊයේ පැවැත්විය.
මෙම ජන රැලියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.
මෙම අවස්ථාවට එක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, තමා ජාතික ආරක්ෂාවලට මුල් තැන කණ්ඩායමක් බවයි.
රටේ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකි වු බවත් පැවසු ඒ මහතා, විවිධ ආණ්ඩු යටතේ හා ජනාධිපතිවරු යටතේ ඇඳි ඇදී ගිය එම ත්‍රස්තවාදය වසර 2 හමාරක් තුළ අවසන් කිරීමට හැකි වු බවත් පැවසීය.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව සීඝ්‍ර සංවර්ධනයක් රට තුළ ඇති කළ බවත් පැවසු ගෝඨාභය මහතා, නමුත් ජාතික ආරක්ෂාවට කිසිදු ප්‍රමුණඛත්වයක් නොදුන්නු හා ජාත්‍යන්තර බලවේගවලට යට වු ඇමති මණ්ඩලයක් ඇති මෙම රජයට රටේ ආරක්ෂාව ලබා දීමට නොහැකි වු බවත් කියා සිටියේය.
ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකල නිසා බෝම්බ පිපිරීමට පටන් ගත් බවත් පැවසු ගෝඨාභය මහතා, ජයග්‍රහණයෙන් පසුව තමා හදන රජයක ප්‍රමුඛස්ථානය ජාතික ආරක්ෂාවට ලබා දෙන බවත් පැවසීය.
රණවිරුවාගේ නැතිවු අභිමානය නැවත ඇති කරන බවත් කියා සිටි ඒ මහතා, බුද්ධි අංශ නැවත ඇති කර ඔවුන්ට නොබියව වැඩ කිරීමට හැකි තත්ත්වයක් උදාකරන බවත් කියා සිටියේය.



