සුරැකීමේ සංවිධන අටවා ගෙන ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් පාවා දෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඊයේ (03) සවස සෙංකඩගල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් දයාසිරි ජයසේකර මේ බව පවසයි.
එහිදි වැඩිදුරත් අදහස් දැක්වු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියල එකක් අටවා ගෙන සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන්න චන්ද්‍රිකා මැතිණිය උත්සාහ කරනවා.
එක්සත් ජාතික පක්ෂයට උදව් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න පුළුවන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න අපි ඉන්නවා. අපි මේ පක්ෂය කාටවත් විකුණලා නෑ.
අපි හරි තීන්දුව හරි අතට හරි වෙලාවට අර ගෙන තියෙන්නේ. චන්ද්‍රිකා මැතිණියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ තියෙන පුද්ගලික වෛරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලිද? ශ්‍රී ලංකා කාරයින්ට වුවමනා නෑ ඒක්සත් ජාතික පක්ෂය දිනවන්න.
නමුත් තියෙන වෛරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් කඩන්නයි චන්ද්‍රිකා මැතිණිය මේ උත්සාහ කරන්නේ. චන්ද්‍රකා මැතිණිය මම ගරු කරන නායිකාවක් නමුත් මේ කරන වැඩේ වැරදියි.
මේ වැටිල තියෙන පක්ෂය තව දුරටත් කඩලා විනාශ කරලා දාන්න අපිට වුවමනාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරුකීමේ සංවිධානය කියලා සංවිධානයක් අටවා ගෙන මේ කරන්නේ පක්ෂයට බරපතල හානියක්.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නෑ. මේ වගේ අවස්ථාවක පාක්ෂිකයින් කරුණු හතරක් කිව්වා. කට්ටියක් කිව්වා අපි තනියම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමු කියලා කිව්වා.
තවත් සමහරු කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දෙමු කියලා. තවත් සමහරු කිව්වා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දෙමු කියලා. තවත් සමහරු කිව්වා අපි කිසිවක් නොකර ඉමු කියලා.
නිකම් හිටියොත් මොකද වෙන්නේ කොටසක් පොහොට්ටුවට යනවා. තවත් කොටසක් එජාපයට යනවා. අපි අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දෙන්න ගත්ත තීරණය ශ්‍රී ලංකා නිදහස් පකෂය සුරැකීමට ගත්ත තීරණයක්.
අපේ පක්ෂයේ ගමන් මාර්ගය මොකද්ද? අපිට වමේ මැද මාවතේ ප්‍රගතිශිලි දේශපාලන ව්‍යපාරයක් තියෙන්නේ. එදා බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ අන්ත දක්ෂිනාංශික එජාපයටත් අන්ත මාක්ස්වාදයටත් එරෙහිය මැද මාවතේ ගමනක් යාම සඳහායි.
අපි ඉන්න ඕන ඒ අරමුණ කරා යන පිරිසත් එක්කයි. අපිට උඩුගම් බලා පීනන්න බෑ. මහින්ද මහත්තයත් එක්ක තරහ වෙලා සජිත් මහත්තයට සහාය දීලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ.”




