සජිත්ගෙන් තවත් ඡන්ද පොරොන්දුවක් මෙන්න

Share

ගාල්ල මාපලගම ප්‍රදේශයට පවතින බරපතලම ගැටලුවක් වන ගංවතුර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමටත්, සුළු අපනයන භෝග වගාවන් සඳහා වෙනමම අධිකාරියක් ගොඩනැගීමටත් තම ජයග්‍රහණයෙන් පසුව කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල මාපලගම පැවති ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, සියලු දෙනා දන්නා පරිදි මෙම ප්‍රදේශයේ ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ‍්, ගංවතුර උවඳුර බවයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිගේ නිරීක්ෂණය අනුව මෙම ප්‍රදේශයේ ගංවතුර නැවැත්වීමට අදාළ වැඩ සටහනක් දියත් කරමින් පවතින බවද කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමාගේ ජයග්‍රහණයෙන් මාස 2ක් තුළ එයට තිරසර විසඳුමක් ලබා දෙන බවත් පැවසීය.

එමෙන්ම මෙම ප්‍රදේශයේ සුළු අපනයන බෝග වගාවක් ඇති බවත් පැවසු ඒ මහතා, කුරුඳු හෝ ගම්මිරිස් හෝ වේවා මෙම අපනයන බෝග වෙනුවෙන් සුළු අපනයන බෝග වගා අධිකාරියක් පිහිටුවීමට ප්‍රථම වතාවට ආරම්භ කරන බවත් කියා සිටියේය.

සුළු අපනයන බෝග සඳහා ස්ථාවර මිලක් ලබා දී, නොමිලේ පොහොර ලබා දී , ගම්මිරිස් ප්‍රති අපනයනය වහාම තහනම් කර, තමා ජනාධිපතිවරයා වන 17 වන දිනම ලංකාව පුරාම සුළු අපනයන බෝග වගාව සරුසාර කරන්න ඇපකැප වෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News