මම බලයට පත්වූ වාහම එක රටක් එක නීතියක් ස්ථාපිත කරනවා

Share

තමන් හමුදාපතිව සිටි සමයේදී අන්තවාදී කණ්ඩායම් පිලිබදව වාර්තා වගකිවයුත්ත්නට ලබා දුන්නත් ඉන් ඵලක් නොවූ අතර පාස්කු ප්‍රහාරයද එහි ප්‍රතිඵලයක් බව හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසයි.

හලාවත මාදම්පේ සෙඩෙක් ආයතනයේ පැවති කතෝලික ආගමික වත්පිළිවෙත් වලට සහභාගී වීමෙන් පසු මධ්‍යවෙදින් හමුවේ ඒ මහතා මේ බව පැවසීය.

ජනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ (03) පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර ආගමික වතාවත් වලට ප්‍රමුඛතත්වය ලබා දී තිබු බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඊට අමතරව මහේෂ් සේනානායක මහතා හලාවත නගරයේ හා බස් නැවතුම්පොළේ අත්පත්‍රිකා බෙදීමක්ද සිදු කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ ආරක්ෂක අමාත්‍යංශයට ඇතුළු වගකිවයුත්ත්නට අවශ්‍ය බුද්ධි තොරතුරු කාලයක සිට ලබා දුන් බවත් නමුත් රටේ අවසනාවට නායකත්වයක් ගැනීමට හා තීරණයක් ගැනීමට කෙනෙකු නොසිටී බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහේෂ් සේනානායක මහතා,

” අපි හිතන්න ඕනෑ 21 වෙනිදා ප්‍රහාරය වන විට කා අතේද නිතිය හා සාමය අමාත්‍යාංශය තිබුනේ කියලා .

යුද හමුදාවට ,නාවික හමුදාවට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නැහැ. අපිට බලය ලැබුන ගමන් තමයි අපි වහා ක්‍රියාත්මක වෙලා දින හතරක් ඇතුලත මේ ප්‍රශ්ණය නිරාකරණය කළේ.

ඒ නිසා ඉන් පස්සේ අද දක්වා බෑලුමක් වත්  ඒ විදිහට පුපුරලා නෑ.

තව මේ රටේ ප්‍රධාන ප්‍රශ්ණයක් තියනවා. ඒක තමයි මේ රටේ කට්ටියක් නීතියෙන් උඩ ඉන්නවා.  ජනාධිපති ,අගමැති ,මැති ඇමතිවරු මේ අය ඉන්නේ නීතියට උඩින්.

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් වෙන්නෙත් ඔවුන්. ඒ නිසයි මම කියන්නේ පොලිස් පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට කෙලින්ම ඇගිල්ල් දික් කිරීම වැරදියි කියලා.

මම බලයට පත්වූ වාහම එක රටක් එක නීතියක් ස්ථාපිත කරනවා.

මේ රටේ තියන ගොඩක් ප්‍රශ්න වලට හේතුව තමයි දේශපාලකයෝ මේ නීතියෙන් නිදහස් වෙලා යන එක.

ඒ තත්ත්වය නැති වූ දවසට මේ රට ගොඩ ගත හැකියි.”

Read more

Local News