මගේ බල්ලෙක්වත් දේශපාලනයට ගැවිලා නෑ

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගුණගරුක නායකයෙකු බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් කැබිනට් නොවන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ බව පැවසීය.

“මගේ බල්ලෙක්වත් දේශපාලනයට ගැවිලා නෑ. අපේ අයියලා සතපහකටවත් මාව ගණන් ගන්නේ නෑ. අපේ අම්මා මාව සතපහකට ගණන් ගන්නේ නෑ. ඇමති කියලා සතපහක සැලකිල්ලක් නෑ. ගෙදර හිටියොත් කන්න දුන්නා නැත්නම් නෑ. අම්මා හැමවෙලේම අනාත මඩමේ.

අපිට ඔළුව ඉදිමෙන්නේ නෑ දේශපාලනය කරනවා කියලා. මම තනියම වාහනය ගෙනියන්නේ හැන්දෑවේ පහෙන් පස්සේ. අපිට ආරක්ෂක බටයෝ අවශ්‍ය නෑ. බොරු පන්පෝරී අවශ්‍ය නෑ. ආරක්ෂක බටයෝ 12ක් මට නියමවෙලා ඉන්නවා.

මට ඉස්සරහයෙන් අරං යන්න පුළුවන් කැබ් එකක්. පිටිපස්සෙන් ඩිෆෙන්ඩරයක් අරං යන්න පුළුන්. ගෙදර තියෙනවා ඩිෆෙඩර් හතරක් පහක්. අයියාට ඩිෆෙන්ඩර් 03ක් තියෙනවා. මම ගාව 02ක් තියෙනවා. ඉතින් අපිට එහෙම පිස්සුවක් නෑ. ඔළුවේ අමාරුවක් නෑ.

අපි කියන්නේ පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂිකයින්ට සජිත් ප්‍රේමදාස මහත්තයා ඉතාමත් ගුණගරුක, පන්සිල් පද පහම රකින නායකයෙක්.“

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගුණගරුක භාවය නිසා විරුද්ධ පාක්ෂිකයන් කිසිම වැරුද්දක් කිරීමට ඉඩ ලබා නොදෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News