ආනයන කර මෙරට තේ කොළ සමඟ මිශ්‍ර කිරීම වහාම නවත්තනවා

Share

යළිත් මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම අරමුණු කරගනිමින් විදේශවලින් ප්‍රමිතියෙන් තොර තේ ආනයන කර මෙරට තේ කොළ සමඟ මිශ්‍ර කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පව​සයි.

බුලත්සිංහලදී පැවති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, වත්මන් රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් හා වැවිලි කර්මාන්ත වෙනුවෙන් කිසිදු අවබෝධයක් නොමැතිව කටයුතු කරන බවයි.

එනිසා සෑම වැවිලි අංශයක්ම කඩා වැටී ඇතැයි පැවසු ගෝඨාභය මහතා කම්කරුවාගේ සිට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ මෙන්ම ඉහළ ප්‍රමාණයේ කර්මාන්ත සියල්ල කඩා වැටී ඇතැයි ද පැවසීය.

ලංකාවේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ වෙනුවට පිටරටින් ගුණාක්මකභාවයෙන් අඩු බාල තේ ගෙනැවිත් ලංකාවේ තේ සමඟ මිශ්‍ර කර පිටරටට යැවීම නිසා තේවලට තිබු වෙළඳපොළ මේ වන විට නැතිවී ගොස් ඇතැයි ද පැවසු ගෝඨාභය මහතා, තේ වගා කිරීම සඳහා පිටරටින් බාල තේ ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා තේ වගාකරන්නන්ට ආධාර දී ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවත් කියා සිටියේය.

 

Read more

Local News