තමන්ට සක්විති රජකම දෙනවා කියුවත්, කුඩු නායකයින්,මිනී මැරුම් වලට අච්චු ලබා තිබෙන පුද්ගලයින්, ස්ත්‍රී දූෂකයො සහ ළමා අපචාර කළ පුද්ගලයින් සිරගෙදරින් මුදවා ගැනීම යන පුද්ගලික න්‍යායපත්‍ර ඇති කල්ලි, කණ්ඩායම් සමඟ ඩීල් දමන්නේ නැතිබව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඇතැම් කණ්ඩායම් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ සැබෑ ස්වරූපය රටට පෙන්වන්නේ නැත්තේ ඔවුන් සමඟ ඇතිකර ගත් ඩීල් නිසි විය හැකි බවද සජිත් ප්‍රේම දාසමහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම පැවති ජන හමුවට ඊයේ (03) රාත්‍රියේදී එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
“මට අපේක්ෂකත්වය ලබා දෙන්න යන විට එක් එක් කණ්ඩායම් කොන්දේසි දමන්න ආවා. මම පිරිසිදුව, පවිත්‍රව කියනවා කිසිම පුද්ගලයෙකු සමඟ හෝ දේශපාලන කණ්ඩායම් සමඟ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ඩීල් දැම්මේ නැහැ.
මගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරන සැවොම ස්වකීය කැමැත්තෙන් උදව් කරන අය මිස ඩීල් දමාගත් අය නෙවේ.
මම ඩීල් දානවා නම්,දාන්නේ මේ රටේ පොදු ජනතාව සමඟ පමණක් බව ප්‍රකාශ කරනවා.
සිරකරුවන් නිදහස් කරන්න, කුඩුකාරයො,කප්පම් කල්ලි, මිනීමරුවො, ස්ත්‍රී දූෂකයො සහ ළමා අපචාර කළ පුද්ගලයින් සිරගෙදරින් එළියටගන්න යන පෞද්ගලික න්‍යායපත්‍ර වලට යටත්ව,තමන්ට සක්විති රජකම ලබාදෙනවා කියුවත් මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ඩීල් දමන්න සූදානම් නැහැ.”



