දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 06 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇති 03 වන පාසල් වාර විභාග කාලසටහන් ගැන ගුරු සංගම් සිය කනස්සල්ල පල කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ ,10 වන ශ්‍රේණිය සඳහා නොවැම්බර් 06, 07 දිනයන්හිදී පෙ.ව. 7.45ට ආරම්භ කර ප.ව. 5.15න් අවසන් කිරීමටත් 11 ශ්‍රේණිය සඳහා නොවැම්බර් 13 වන දින පෙ.ව. 7.45ට ආරම්භ කර ප.ව. 5.15 දක්වාත් වන විභාග කාල සටහනක් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සියලූම විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවයි.
විභාග පිළිබඳව ප්‍රායෝගික හෝ න්‍යායාත්මක කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නොමැති නිලධාරීන් විසින් සකස් කළ මෙම විභාග කාලසටනට විරෝධය පළකරන ලංකා ගුරුසේවා සංගමය සිසු දරුවන් මෙන්ම ගුරුවරුන්ද පීඩාවට පත්නොවන පරිදි මෙම කලසටහනේ අදාල දිනයන් සංශෝධනය කරන ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.
තවද මෙම දිනයන්ට අදාලව ගත්විට සිංහල, ගණිතය, ආගම, ඉංග්‍රීසි වැනි හර විෂයයන්ට අයත් විභාග ප්‍රශ්න පත්‍ර ලබාදීමට නියම කිරීමෙන් ද සිසු දරුවන් පත්වන අපහසුතාවය ඛෙහෙවින් කණගාටුදායක තත්ත්වයත් බව ද ඔවුන් පෙන්වා දෙයි.
නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නියමිත වාර විභාගයට යම් බාධාවක් වේනම් ඒ සඳහා සිසු දරුවන් පීඩාවට පත්නොකර ප්‍රමණවත් කාලයක් ගෙන කාලසටහන සැලසුම් කළයුතුව තිබු බව ඔවුන් පෙන්වා දෙයි.
තවද ප.ව. 5.15 දක්වා පැය 10කට ආසන්න කාලයක් විභාගයක් පැවැත්වීම සිසු දරුවන් මෙන්ම ගුරුවරුන්ද පීඩාවට පත්කරවන්නක් වන අතර විශේෂයෙන් දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින ප්‍රවාහන ගැටලූ හේතුවෙන් සිසු දරුවන්ට අනපේක්ෂිත ගැටලූ වලට මුහුණදීමට සිදුවිය හැකි බවද අවධාරණය කර බව එම සංගමය පවසයි.
එහෙයින් අදාල දිනයන් සිසුන් පීඩාවට පත්නොවන යහපත් මානසිකත්වයෙන් අදාල වාර විභාගයට පෙනී සිටීමට හැකිවන පරිදි කාලසටහන සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරුසේවා සංගමය බලකරයි.




