රට ගොඩනැගීමට නම් සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම දූෂණය මුලුමනින්ම පිටුදැකිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) ගාල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින්.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරන තවත් ජනරැලියක් ඊයේ ගාල්ල නගරයේදී පැවැත් විය.
එහිදි අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ රට ගොඩ නැගීමට ජාතික ප්‍රතිපත්ති රැසක් පැවතිය හැකි බවයි.
නමුත් එය නිවැරදිව ක්‍රියාත්මක වීමට අත්වාරම වන්නේ නීතියේ අධිපත්‍ය බවද ඒ මහතා පෙන්වා දෙයි.
එම නිසා නීතිය සෑම දෙනාටම සාධාරණව ඉටු විය යුතු රටක් හැදිය යුතු බවද ඔහු පවසයි.
එමෙන්ම වංචා දුෂණයෙන් තොර දේශපාලනයක් බිහි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
තමන් රට පාලනය කිරීම සඳහා ජනතාව බලය ලබා දෙන්නේ නම්, තමන් විසින් පළමුවෙන්ම සිදු කරන ප්‍රකාශ වන්නේ , මෙතෙක් කල් දුෂණයෙන් සහ වංචාවෙන් ලබා ගත් මුදල් සහ වත්කම් නැවතත් ලබා දෙන ලෙසට දේශපාලඥයින්ට සහ රජයේ උසස් නිලධාරින්ට මාස 2කක කාලයක් ලබා දෙන බව පැවසීම බවද ඒ මහතා ප්‍රකාශ කළේය.



