ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(04) පොළොන්නරුව දියසෙන්පුර ප්‍රදේශයේ සංවිධාන කළ ජනරැලියක් අමතමින්ය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන තවත් ජනරැලියක් ඊයේ දියසෙන්පුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
රටේ ඇති සියලුම කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළටම ගෙන ඒමට කටයුකු කරන බව ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මෙරටට විදේශ රටවල ඇති ගොවිනිෂ්පාදන සහ ආහාර නිෂ්පාදන අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍යතාවය රටින්ම සපයා ගැනීම සඳහා කෘෂිකාර්මික විප්ලවයක් දියත් කරන බව ඒ මහතා පැවසීය.
කෘෂිකාර්මික නිෂ්පාදනය හා රටේ ජාතික නිෂ්පාදනය ඉහළ දමා ගොවිතැන් කරන සමස්ත ජනතාවගේ අතමිට සරු කරන බව ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



