දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 4ක්

Share

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බවයි.

එම දිනවලදී කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට නියමිතව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, රාත්‍රී 8.00 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5.26 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇති බවයි.

Read more

Local News