රට ගොඩනැගීමට නම් සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි

රට ගොඩනැගීමට නම් සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම දූෂණය මුලුමනින්ම පිටුදැකිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) ගාල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින්.

මෙහිදී අදහස් දැක්වු අනුර කුමාර මහතා කියා සිටියේ, වසර 70 කාල සීමාව තුළ රට පාලනය කළ අය විසින් රටකට විය හැකි සියලුම හානිකර තත්ත්වයන් උදාකර දී ඇති බවයි.

රට ගොඩනැඟීමට නම් වංචාවෙන් හා දුෂණයෙන් තොර පාලනයක් අවශ්‍ය බවත්, ලෝකයේ කොහෙවත් හොරෙක් හදපු රටක් නැතැයි ද ඒ මහතා පැවසීය.

ගෙදර දේපල හොරකම් කරන ස්වාමියෙක් සිටි නම් එය අඟාධයට යනවා සේම රට තුළ ද එවැනි තත්ත්වයක් ඇතැයි පැවසු අනුර කුමාර මහතා, කුමන නිර්ණායකයන් සමඟ බැලුවත් අපේ රට දුප්පත් යැයි කියා සිටියේය.

රට හදන්නේ නම් හොරකමින් හා නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍ය බවත් එය ගොඩ නැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවත් අනුර කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version