රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමේ Z ස්කෝර් ක්‍රමය ඉවත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය දුප්පත් දරුවන්ට සිදුකරන බලවත් අසාධාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ(04) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.
නැණ පවුර වෘත්තියවේදී එකමුතුව, සංවිධානය කළ වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය.
මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ, තමා රටේ නිදහස ඇති කරා පමණක් නොව, රටේ සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි විෂයන් වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බවයි.
රට තුළ ඇති රෝහල් ගණනාවකට අලුත් උපකරණ හා ගොඩනැඟිලි ලබා දී ඖෂධ බොහෝමයක් ලබා දී ඇතැයි පැවසු අගමැතිවරයා, අතීතයේ ඇරඹු මෙම වැඩසටහන ඉදිරියට ගෙන යෑමට සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇතැයි ද පැවසිය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට Z ස්කෝර් ක්‍රමය නැති කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඇයි දැයි ප්‍රශ්න කර සිටි අගමැතිවරයා, එය දුප්පත් දරුවන්ට අසාධාරණයක් බව ද කියා සිටියේය.
Z ස්කෝර් ක්‍රමය නැති කරනවා යනු රතුපස්වලටත් වඩා ඝාතනයක් බව කියා සිටි අගමැතිවරයා, මෙතැන ඝාතනය වන්නේ තරුණ තරුණියන්ගේ අනාගතය බවත් එවැනි ජීවිත ලක්ෂ 2 ක් පමණ වසරකට මෙම තීරණයෙන් ඝාතනය වන බවත් පැවසීය



