මහජනතාවට හෝ පාර්ලිමේන්තුවට නොදන්වා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද(05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේබව සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා කියා සිටියේ, ආණ්ඩුව පවසන පරිදි මෙය ඩොලර් මිලියන 480ක ආධාරයක් බවයි.
එමෙන්ම ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යෝජනාවලියක් අනුව මෙම සකස් වී ඇතැයි පැවසෙන බවද කියා සිටි බිමල් රත්නායක මහතා, මෙහි වැදගත්ම කරුණ වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රට තුළ සාකච්ඡාවට ලක්ව ඇති ද යන කරුණ බවද පැවසීය.
මෙය කිසිදු අවස්ථාවක සාකච්ඡාවකට ලක්ව නොමැති බව පැවසු ඒ මහතා, රටේ පාර්ලිමේන්තුව තුළ හෝ මේ ගැන කථා බහට ලක්ව නැතැයි කියා සිටියේය.
ගිවිසුමේ ඇති අඩංගුව ගැන රටේ පොදු මහජනතාව නොදන්නා බවත් කියා සිටි බිමල් රත්නායක මහතා, මෙම ගිවිසුම අත්සන් කරන්න සුදානම් වී ඇති කාලය පිළිබඳ ගැටළුවක් ඇතැයි ද පැවසීය.
ජනාධිපතිවරණයට සති 2 ක වැනි කාලයක් තිබිය දී මෙවැනි දේශපාලනික ලෙස ඉතා සංවේදී අවස්ථාවක මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම බරපතළ තත්ත්වයක් බවත් කියා සිටි බිමල් රත්නායක මහතා කියා සිටියේය.




