කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

දංකොටුව නගරය තුළ ඉදි කරමින් පවතින සුවිසල් නිවසක් තුළ පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

දංකොටුව පොලීසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබී ඇති තොරතුරට අනුව සිදු කරන ලද විමර්ශණයකින් පසුව වැටලීම සිදු තිබේ.

එම කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා බැරල් 14 ක්, කසිප්පු බෝතල් 50 ක්, තඹ දගර 02 ක්, ගෑස් ලිප් 02 ක් සහ ගෑස් සිලින්ඩර 04 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version