මෙෙත්‍රි ශ්‍රිලනිපය විනාශ කළාද ?

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාෂ කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහා සම්මේලනයට එක්වෙමින් බණ්ඩාරනායක මහත්මිය මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් සහිත එකක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය මෙසේ ද පැවසීය.

“මම කණගාටු වෙනවා අපේ සභාපතිතුමා පක්ෂය මෙතැනට ගෙනැල්ලා පැත්තකට වෙලා නිර්පාක්ෂිකයි කියලා පක්ෂයේ සභාපතිකමෙනුත් අයින් වෙලා නීති විරෝධි ලෙස වැඩ බලන සභාපතිවරයෙක් පත් කිරීම ගැන.

හත් වතාවක් පක්ෂ මාරු කරපු ලේකම්තුමා කියනවා අපිව අස් කරනවා කියලා.

අස් කරනවානම් ව්‍යවස්ථාව අනුව මාස 6ක් අවුරුද්දක් විතර යනවා.

2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත දිනවලා අපේ මෑන් රටේ ජනාධිපති කළා. යූ එන් පී එකට යන්න තිබුණ තනතුරක්..

කවුද අපිට හානි කෙරුවේ..?යූ එන් පී එකද? රාජපක්ෂලාද?

මගේ ලොකු තරහක් තියෙනවා රාජපක්ෂලා එක්ක. මේ රටට කරපු ඇබැද්දිය නිසා.

මට පෞද්ගලිකව ලොකු හානි කරලා තියෙනවා.

ඉතිං මං මොකටද එයාලට වෛර කරන්නේ? මොකක් සඳහාද?

එයා මට වඩා ලස්සනද..?”

Read more

Local News