ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවයි.
විශේෂයෙන් අපේක්ෂකයින් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.




