ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහා සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු ඉවත් කොට නව සංවිධායකවරු පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහා සමුළුවට සහභගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු වෙනුවට වැඩබලන ආසන සංවිධායකවරු පත්කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂය ලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම වැඩබලන ආසන සංවිධායකවරු හරහ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීමට බලාපොරොත්තු වන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසීය.
“සියලුම විඩියෝ පට නිරීක්ෂණය කරන්න ඕනේ කව්ද සහභාගී වුණේ. කව්ද ගියේ කියන එක. තොරතුර ලබා ගෙන තිබෙනවා ඒ තොරතුර අනුව. ඉදිරි ක්‍රියාමාර්ග පක්ෂය විසින් ගන්නවා. පක්ෂයේ මතයට එරෙහිව කටයුතු කළ සියලුම නායක නයකයින් සංවිධායකවරු සහ ක්‍රියා කාරීන් අපි අධ්‍යනය කරනවා. සියලුම දෙනා වැරදි කරලා තියෙනවානම් මධ්‍යම කාරක සභාව විසින් ඒ අයට අනිවාර්යෙන් දඬුවම් කිරීමට කටයුතු කරනවා.“
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මේ බව පැවසීය.
“චන්ද්‍රිකා මැතිනියට උත්තරයක් දෙවනවා දැම්ම නෙමෙයි ඡන්දයෙන් පස්සේ. චන්ද්‍රිකා මැතිනිය කොහොමත් තියා ගැන්නේ නෑ.“




