අගමැති කාර්යාල වාහනයෙන් සජිත්ගේ පෝස්ටර් ප්‍රවාහනය කළ දෙදෙනාට ඇප

Share

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාරියාලයට අයත් කැබ් රථයක් ඊයේ (5) අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි.

මාතර, ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මෙම කැබ්  රථය අත්අඩංගුවට ගෙන තිබු අතර මෙය දෙණියාය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිම සදහා සුදානම්  කර තිබු පෝස්ටර් බව මැතිවරණ නිරික්ෂණ නිලධාරින් සහ මාතර පොලීසිය කළ විමර්ශනවලදි අනාවරණය වි තිබේ.

මෙම කැබ්  රථයේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් අතිවිශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබු අතර එම කැබ්රථය මුදාගැනිමට දෙණියාය ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ ලේකම්වරුන් පිරිසක් උත්සාහ ගෙන තිබුණද  මැතිවරණ නිරික්ෂකයන් සහ පොලීසිය නීතිය නිසියාකාරව කි‍්‍රයාත්මක කොට තිබුණි.

ඒ අනුව අග‍්‍රාමාත්‍ය ලේකම්  කාර්යාලයට  අයත් කැබ්  රථයකින් ඡන්ද පෝස්ටර් ප‍්‍රවාහනය කිරිමේ  චෝදනාව යටතේ අත්අඩංගුවට පත් දෙදෙනෙකු මාතර පොලීසිය විසින් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ  (5)  ඉදිරිපත් කිරිමෙන් පසු ඇපමත මුදාහැර තිබේ. අත්අඩංගුවට පත් කැබ්  රථය මාතර පොලීසිය භාරයේ තිබෙන අතර මාතර පොලීසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි .

Read more

Local News