රට සංවර්ධනය කළ හැකි ජනපති ගැන චන්දිම කියයි

Share

මේ රටේ සංකල්පමය වෙනසක් ඇති කොට වෙනස් වැඩපිළිවෙලක් යටතේ රට සංවර්ධනය කොට අනාගත පරපුර ශක්තිමත් කළ හැකි එකම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව  එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ඉමදුව ප්‍රදේශයේ පැවති කුඩා රැස්විම් මාලාවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නකි,

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩිකරලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව වන මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ වාඩි කරවිමට මේ රටේ ජනතාව පුල පුලා බලා සිටිනවා. මේ රටේ තිස්වසරක් තිස්සේ පැවති ත්‍රස්ත්‍රවාදය තුරන් කළ නායකයා මහින්ද මහත්තයා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාගේ සෙවනැල්ල වගේ හිටියා.‍

ගෝඨාභය රාජපක්ෂ මහතා සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නෙවෙයි.  එතුමා මේ රටේ වැඩක් කරලා තියෙනවා. වැඩක් කරන්න පුළුවන් කෙනෙක් හොයාගෙන යන ගමනේ දි  අපට  හමුවු කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා.  එතුමා මේ රටේ  බුද්ධිමතුන් විසින් සොයාගෙන මහින්ද රාජපක්ෂ මහතගේ  අනුමැතිය යටතේ රටේ බහුතර ජනතාවගේ ඉල්ලිම මත  ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. රට වෙනස් කිරිමේ හැරවුම් ලක්ෂයක්  බවට පත්කිරිම සඳහා එතුමා ජයග්‍රහණය කිරිමට අපි එක්විය යුතුයි.

අද සාක්කු පිරුණු කෙනෙක් ඉන්නවා නම් කුඩු අරක්කු විකුණන්න ඕන.  රජයේ සේවකයාට පඩියෙන් ජිවත් වෙන්න  බැහැ. වි ගොවියාට  වි ගොවිතැන කරන්න බැහැ. අද කුරුඳු  ගම් මිරිස් රබර් මිල අඩුවෙලා. රබර් කිරි කපන්නේ නැහැ. රබර් ගස්වලට විකුණනවා. අද හැම භාණ්ඩයක්ම මිල වැඩිවෙලා‍. රට ඉදිරියට  ගෙන යන වැඩපිළිවෙළක් මේ රජයට නැහැ. වර්ෂයකට පළමු වසරට ලක්ෂ 03ක පාසල් දරුවන්  ඇතුලත් වෙනවා. දරුවන් 30,000ක්  විශ්ව විද්‍යාලයට  යාමට වරම් ලැබෙනවා.  නමුත් 25,000ක් පමණ  රැකියා නැතිව කෑගහනවා. අද මේ රටේ ආර්ථිකය කඩා වැටිලා. සියයට 7.5ක්ව පැවති මේ රටේ ආර්ථිකය අද 1.6 දක්වා පහත වැටිලා දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය අඩුම රට තමයි මේ රට.

අපි උත්පාදනය ගැන නව නිපයුමක් ගැන හිතන්න ඕන. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට වෙච්චි දේ  මම දන්නවා. මුදල් හොයාගෙන මේ රටේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණය යටතේ තෙල් ටැංකි සංවර්ධන කරන්න මම යෝජනාවක් මා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ  සති දෙකකට පමණ පසු යළි  කැබිනට් පත්‍රිකාවක් ගෙනවිත් ඉන්දියාවට  තෙල් ටැංකි ටික දෙන්න යෝජනා කළා. ඒ වෙනුවෙන් අපි සටන් කළා. ඒ නිසා එක කරගන්න  බැරි වුණා යැයි  චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Read more

Local News