2005-2015 හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදීන් 78කට වන්දි

Share

‍2005 වර්ෂයේ සිට 2015 දක්වා විවිධ හිරිහැරයන්ට හා පීඩාවට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනෙකුට වන්දි ප්‍රදානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම පිළිබඳව පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙසේ මාධ්‍යවේදීන් 78කට වන්දි මුදල් ප්‍රධානය කිරීමට නියමිතය.

මේ සඳහා වන යෝජනාව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read more

Local News