කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම හෙට (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ජලාශය කළු ගඟ ජලාශය වන අතර එහි සංචිත දිය දහර සුභ මුහුර්තියෙන් මුදාහැරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
එමෙන්ම අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ද හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.
නකල්ස් කදුවැටියේ කලුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ,ලග්ගල – පල්ලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය කර ඇති බව සදහන්.
මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් 618 ක් වන අතර උසමීටර් 68 ක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.




