සංහිඳියාව සාර්ථක ස්ථානවල සංහිඳියාව ශක්තිමත් කරන බවත් ත්‍රස්තවාදී කටයුතු වලදී තදින් ක්‍රියාත්මක කිරීමටත් කටයතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එරාවුර්හි පැවති ජනහමුවකදීයී.
“එක්ව ඉදිරියට” යන මැයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ජනහමුවක් ඊයේ එරාවුර් නගරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජාතිවාදය තුළින් ජයක් ලැබිය නොහැකි බවයි.
එසේම පාස්කු ප්‍රහාරයට එක් ජාතියක් වරදකරුවන් නොවන බවත් මෙය අයි එස් අයි එස් මතධාරී පිරිසක් විසින් සිදු කළ ප්‍රහාරයක් බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.
එසේම තම ප්‍රතිපත්තිය වන්නේ සාර්ථක ස්ථානවල සංහිඳියාව ශක්තිමත් කිරීම බවත් ත්‍රස්තවාදය ඇති තැන්වල ඊට විරුද්ධව තදින් ක්‍රියාත්මක වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම උතුරු නැගෙනහිර හා මොණරාගල, යුද්ධයෙන් විනාශ වු නොදියුණු ප්‍රදේශ ලෙස පිළිගත යුතු බව ජාත්‍යාන්තරයට පවසා සිටින බවත් අගමැතිවරයා කියා සිටියේය.
එසේම අම්පාර, මඩකලපුව ප්‍රදේශයේත් කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ සිට මඩකලපුවට යන ගුවන් සේවාව පමණක් නොව චෙන්නායි සිට මඩකලපුවටත්, මඩකලපුවේ සිට කොළඹට එන ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



