මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුල ගත්තේ නෑ

Share

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත කර ගත් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දයා ගමගේ අමාත්‍යවරයා පවසයි.

අද(06) අළුත්කඩේ අධිකරණ සංකීරණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුල ගත්තා නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ ගිවිසුම අත්සන් කරාට පාර්ලිමේන්තුවට දාලා. පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමතකරාට පස්සේ තමයි. ඒ ගිවිසුම අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.“

Read more

Local News