පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව විසින් ක්‍රිස්තියානි ආගමික ජනතාවට සාධාරණයක් ඉටු නොකිරීම හේතුවෙන් ඔවුන් දැඩි කලකිරීමෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් ඔවුන් පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන බවයි.
පසු ගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් තරුණයින් විශාල පිරිසක් පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව එස්.එම්. චන්ද්‍රෙස්න මහතා සඳහන් කළේය.
මේ අතර පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට හඳන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හොඳින් ජනතාව දැනුවත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 75කට වැඩි ප්‍රමාණයක් ගන්නා බවයි.