මේ මොහොතේ රටේ ජනතාවගේ ඉල්ලීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කලවාන නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැලියක් ඊයේ(06) පස්වරුවේ කලවාන නගරයේ දි පැවැත්වුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගික වැඩසටහනක් බවයි.
මේ නිසාවෙන් තම ධූර කාලය තුළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති සියලුම අංග ඉටුකර දෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



