ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් නිසි විමර්ශනයක් සිදු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි කණගාටුව පල කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඊයේ රාත්‍රී 07.30ට පමණ මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට ආරක්ෂාවට සිටි ඇමති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවේය.
වෙඩි තැබීම සිදු කළ කොස්තාපල්වරුන් දෙදෙනා ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
කෙසේ වෙතත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් කළ එස්.බී දිසානයක මන්ත්‍රීවරයා ඔවුන් එම අවස්ථාවේ බීමතින් සිටි බව ද කියා සිටියේය.



