ජනපතිවරණයේ පැමිණිලි 3000 දක්වා ඉහළට

Share

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී මේ දක්වා පැමිණිලි 3083ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනපතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඊයේ (06දා) තෙක් මෙම පැමිණිලි ලැබී තිබේ.

මෙම පැමිණිලි අතරින් 25ක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වන අතර නීති උල්ලංගණය කිරීම් 2959කි. එසේම වෙනත් පැමිණිලි 99ක් ලැබී තිබේ.

Read more

Local News