මෙක්සිකෝවේ සංචාරකයින් රැගත් බස් රථයක් ගිණිකොණ දිග මෙක්සිකෝවේ ක්වින්ටාන් රෝ ප්‍රාන්තයේ දී අනතුරට ලක්ව තිබේ.
සිදුවූ බස් රථ අනතුරන් 12 දෙනෙකු මිය ගොස් තිබේ. එයින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ පිරිස රෝයල් කැරබියන් නමැති නෞකාවෙන් පැමිණි පිරිසකි. බස් රථය අනතුරට ලක්වන විට එහි මගීන් 31 දෙනෙකු සිටි බව වාර්තා වේ. ඔවුන් මෙක්සිකෝවේ චැකෝබෙන්හි පිහිටි මායා ශිෂ්ටාචාරයට අයත් ඓතිහාසික නටඹුන් නැරඹීමට යමින් සිටි පිරිසකි.
ඔවුන් අමෙරිකානු, ඉතාලි, ස්වීඩන් සහ බ්‍රසීල ජාතිකයන් වේ. මිය ගිය 12 දෙනා අතර ළමයෙකු ද සිටින බව සදහන් ය.