ගත වූ මාස 10 තුළ දකුණු පළාතෙන් ඩෙංගු මරණ 14 ක්

Share

වසරේ ගත වූ මාස 10 තුළ දකුණු පළාතෙන් ඩෙංගු මරණ 14 ක් වාර්තා වී තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, ගත වූ මාස 10 තුළ දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 12500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 10 ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7000කි.

ගාල්ල නගර බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ද විජේසූරිය මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ, මේ වනවිට ගාල්ල නගරය ආශ්‍රිතව මදුරු මර්දන කටයුතු සිදුකෙරෙන බවයි.

Read more

Local News