විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද කැඳවයි

Share

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(11) කැඳවා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද පෙරවරු 11.30ට මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.

Read more

Local News