ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18දා කටුනායකින් ලොස් ඇන්ජලීස් බලා පිටත්වීමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බවට සඳහන් කරමින් ව්‍යාජ ගුවන් ටිකට්පතක් සමාජ ජාලා මාධ්‍යට මුදා හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ එය මුළුමනින්ම සාවද්‍ය බවද බවයි.
මහනුවර පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ වන විට සියලු සමීක්ෂණ වාර්තා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක එය ඉවසා දරාගත නොහැකි කණ්ඩායම් සිදු කරන මෙවනි පහත් ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කණ්ඩායමක් ලෙස ඉතා පිළිකුළෙන් හෙළා දකින බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඉදිරි දින පහ තුළ මෙවනි මඩ ව්‍යාපාර රැසක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ සියල්ල ඔවුන් ක්‍රියාත්මක කරනුයේ පරාජයේ අවසන් විලාපයෙන් හඬා වැටෙමින් යැයිද රඹුක්වැල්ල මහතා පැවසිය.
ජයග්‍රහණය සියයට සියයක් නොව සියයට දහසක් විශ්වාස යැයිද එය ජයග්‍රහණයක් නොව වාර්තාගත විශිෂ්ඨ විජයග්‍රහණයක් වනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.
මෙනිසා දරාගත නොහැකි දැඩි ජරාජිත වේදනාවෙන් උන්මන්තව ඇති කණ්ඩායම කුමන ව්‍යාජ, මඩ ප්‍රචාර ගෙන ගියද රටෙහි ජනතාව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපති කිරීමට තීරණය කර අවසන් යැයිද ඒ මහතා පැවසීය.
සියලු රාජ්‍ය බුද්ධි අංශ හා විශ්වවිද්‍යාල හතක සමීක්ෂණ වාර්තා වලින් ගෝඨභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කැර ඇතැයිද මන්ත්‍රීවරයා පවසයි.
ඒ අනූව 57% ක 59% ක වාර්තා ගත ජයක් රාජපක්ෂ මහතා ලබන බවත් එය ඡන්ද ලක්ෂ දොළහක් දහසයක් අතර වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.




