වර්තමානයේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර ඇති එම්.සී.සී ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.
නාත්තන්ඩියේ ඊයේ (10) උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන ලද එම්.සී.සී. ගිවිසුම ඉතාමත්ම බරපතල ගිවිසුමක් බවයි.
මෙම ගිවිසුම එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 400කට මදක් වැඩි මුදලකට මුළු රටේම ස්වේරීත්වය පාවා දෙන ගිවිසුමක් බවද රථන හිමියන් පෙන්වා දෙයි.
මෙම ගිවිසුම1815 වසරේ මාර්තු මාසේ අස්සන් කරපු කන්ද උඩරට ගිවිසුමට වඩා බරපතල ගිවිසුමක් බවත් උන්වහන්සේ පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු රථන හිමියන්,
“පුද්ගලික සහ සාංඝීක ඉඩම් සුද්දෝ පවරා ගෙන ඒ ඉඩම් දැවැන්ත තේ වතු.රබර් වතු බවට පත් කලා.ඒ ප්‍රදේශවල ජීවත් වුණු අහිංසක ගැමියන්ට ඒ වතු වල රබර් කිරි කපන කුලී ශ්‍රමිකයින් බවට පත්වන්න සිද්ධ වුණා.
මෙම එම්.සී.සී.ගිවිසුමෙන් ලංකාවට අත්වන ඉරණම තමයි අපේ කොල්ලන්ට අවශ්‍ය වන්නේ නම් ඇග විකුණන්න පුළුවන් වෙයි. රූම් බෝයිලා වෙන්න පුළුවන් වෙයි.
කර්මාන්ත ශාලා වල වහල් කම්කරුවෝ බවට පත් වෙන්න පුළුවන් වෙයි. රට පුරා තියන වන ජීවී සහ වන සංරක්ෂණයට අයිතිඉඩම් සහ පුද්ගලික ඉඩම් පෞද්ගලීකරණය කරන්න ආණ්ඩුව බලාපොරොතු වෙනවා.
ඒක කරන්නේ මුලින්ම දැනට බදු පදනම මත ගොවීන් සතුව ඇති ඉඩම් ස්වර්ණභූමි හෝ වෙනත් ක්‍රමයකට ගොවියාට පවරලා දෙනවා.
ඊට පස්සේ ගොවීන් කරන්නේ ඒ ඉඩම් තුට්ටු දෙකට විකුණලා දාන එකයි.
එත්සත් ජනපදය මේ වන විට රජයට බලකරලා තියනවා මේ ඉඩම් සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කරන්න කියලා.
ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තියන සමාගම් වලට අපේ රටට ඇවිත් අත්තනෝමතිකව ආයෝජනය කිරීමට අවස්ථාව ලබා දීමයි.
මේකෙන් සිද්ධ වෙන්නේ අපේ වන වියන් නැතිව යනවා. සතාසිව්පාවා නැතිව යනවා. මහජනතාවගේ ඉඩම් නැතිව යනවා. අපි එහි කුලී කරුවන් බවට පත්වෙනවා. මේ අනතුර අපි ඉතාමත්ම බරපතල විදියට තේරුම්ගත යුතුයි.
මේ අනතුර අපි අද තේරුම් ගත්තේ නැත්නම් අපේ ඉදිරි පරම්පරාවට අතීතයෙන් රැකගත් අපේ භූමිය අපිට අහිමි වෙනවා.
ඒ නිසා අපි මෙම ගිවිසුම පරාජයකළ යුතුමයි. දැනට තියන තත්ත්වය යටතේ මෙය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ අන්ධයෝ ටික ඉන්නවා.ඉතිං මේක සම්මත කර ගන්න පුළුවන්.
හැබැයි රටේ තියන නීතිය අනුව මේ වාගේ ගිවිසුමක් පාර්ලිමේන්තුවේදි සම්මත කරලා විතරක් මදි. ජනමත විචාරණයකටත් ඉදිරිපත් කළයුතු වනවා. ඒ නිසා මෙම ගිවිසුම පරාජය කරන්න නම් දැවැන්ත ජන මතයක් රට තුළින් අවශ්‍යවනවා.
ලබන 16 වැනිදා එන මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියා තිබෙනවා මහජනතාවට අහිතකර,මහජනතාව විරුද්ධ වන ඒ වගේම ජනතාවට හොරෙන් මෙවැනි ගිවිසුම් අත්සන් කරන්නේ හෝ ක්‍රියාත්මක කරන්නේ නැති බව.”



