ජනපති මෛත්‍රීට උපහාර පිදීම 14වැනිදාට

Share

සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පවත්වන උපහාර උළෙල එළැඹෙන 14දා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව රජයේ නිල පුවත් සේවය සඳහන් කරයි.

පෙ.ව. 11.00ට ආරම්භවීමට නියමිත මෙම උපහාර උළෙල ජනපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර එහිදි ජනපතිවරයාට උපහාර දැක්වෙන අතර ජනපතිවරයා විසින් එම කාර්යාලයේ සේවක සේවිකාවන්ද ඇගයීමට නියමිතය.

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණයෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වෙයි. 2015 ජනවාරි 8 දා වසර ජනපතිධුරයට පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වසර 5කට සීමා විය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන අවසන් කැබිනට් රැස්වීම බදාදා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේන බවද රජයේ නිල පුවත් සේවය සඳහන් කරයි.

Read more

Local News