දෙමළ ජාතික සන්ධානය එජාපයට වලිගයක් විතරයි

Share

දෙමළ ජාතික සන්ධානය සෑම විටම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියද උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු නොකළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මුලතිව් නගරයේදී පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඊයේ පෙරවරුවේ මුලතිව් නගරයේදී පැවති ජන හමුවකට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වුණි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මහතාට සිය සහාය පළ කළ හිටපු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ඒකාබද්ධ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ද මෙම ජනහමුවට එක්ව සිටියේය.

එහිදී දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වරධරාජා පෙරුමාල් පල කළේ මෙවන් අදහසකි.

“දෙමළ ජාතික සන්ධානය මුලතිව්, වන්නි, වවුනියාව කියන ප්‍රදේශ ඇමති රිෂාඩ්ට භාර දීලා තියෙන්නෙ.

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට වලිගයක් විතරයි.

ඔවුන්ට කිසි වැදගත්කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ලැබෙන සල්ලි ඔවුන් සාක්කුවේ දාගන්නවා.

දෙමල ජනතාව ගැන හිතන්නෙ නැහැ.

ඔවුන් නැගෙනහිර හකීම්ට උකස් කරලා. දෙමළ ජාතික සන්ධානය කියන දේ සජිත්ගේ කනට යන්නෙ නැහැ.”

Read more

Local News