පොහොට්ටුව ජය ගන්නවා ස්ථිරයි – බැසිල්

Share

මෙරට 2005 සිට පැවැති ජනාධිපතිවරණ හතරටම වඩා ,මෙවර ජනාධිපතිවරණයේ දී නැගෙනහිර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණයකර වීමට පෙරමුණ ගෙන ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මඩකලපුවේ මියානිනගර් තන්න මුනායිහිමියානි ශාලාවේ ඊයේ(10) පැවැති දේශපාලන සම්මන්ත‍්‍රණයකදී ඒ මහතා මෙලෙස පැවසීය.

මෙම සම්මන්ත‍්‍රණයේ දී දෙමළ ජාතික සංධානයේ ප‍්‍රබලයින් රැසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමද විශේෂත්වයකි.

ඒ අතර පෝරතිවි කිරි ගොවිසංවිධානයේ උපසභාපති ටි.ජයරත්නමි ඇතුළු එහි සාමාජිකයින් තිස්දෙනෙකු හා මඩකලපුවේ හිටපු එජාප නාගරික මන්ත‍්‍රී මයිකල් පද්මනාදන් හා දෙමළ ජාතික සංධානයේ ප‍්‍රාදේශිය ක‍්‍රියාකාරිකයින් හතලිස් දෙනෙකුද වූහ.

ඉකුත් සිවිවසර තුළ යහපාලන රජයේ ක‍්‍රියාකලාපය තුල නැගෙනහිර ජනතාව අන්ත අසරණව සිටින බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන තැකීමක් නොකර, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ නායකයින් තම තමන්ගේවාසියටරජයේයෝජනාවලට අත ඔසවනබවදකීවේය.

එහිදීවැඩිදුරටත්අදහස්දැක්වු ඒ මහතාමෙසේ ද පැවසීය.

නැගෙනහිර පළාතේ ජිවත් වන දමිල ජනතාවගේ රැකියා ප‍්‍රශ්නය, උපාධිදාරින්ගේ ප‍්‍රශ්නය, ධීවරයින්ගේ වගේම ගොවියන්ගේ ප‍්‍රශ්න විසදීමට දමිල ජාතික සන්ධානය උත්සාහ නොකරන බව තේරුම් ගත් වියලේන්ද්‍රන් මහතා නව පක්ෂයක් පිහිටුවා ගෙන තිබෙනවා.

වැඩකරන්නදක්ෂයෙක්වන එතුමාට 16 වැනිදායින් පසුව බිහිවන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය මගින් නැගෙනහිරන වෝදයේ නායකත්ව වගකිම හිමිවෙනවා. දේශපාලනවශයෙන්බැ? රුම් තීන්දුවක් ගත් එතුමා සමඟ විශාල පිරිසක් සිටීම ගැන අපි සතුටු වෙනවා.

මෙතැනට පැමිණියාට පසුව කණගාටුවක් වගේම සතුටකුත් දැනුනා. 2009ට පෙර තිබුණු නැගෙනහිර අපිට මතකයි. නැගෙනහිර නවෝදය යටතේමේ ප‍්‍රදේශයට විශාල සේවයක් කරන්න අපිට හැකිවීමනිසයි අපි සතුටු වෙන්නේ.

නැගෙනහිර පාලම්, ගොවියාට අවශ්‍ය ජලය, වෙළෙදපොල, මාර්ග අපි සකසාදුන්නා. තරුණ තරුණියන්ටඅපි රැකියා උත්පාදනය කළා. බිමට ජලයදෙන්නත් අපි අවශ්‍ය කටයුතු කරමින් තිබුණා.

සුනාමියෙන් හානිවූ දේපල නැවත සකස් කළා. නමුත් 2005 ජනවාරි 08 වැනිදා වෙනසක් මගින් ඊට වැඩිය වේගයෙන් සංවර්ධනය කරායා මේ උත්සාහයක ඔබ නිරත වුනත් පසුව මොකක්ද වුනේ. ගොවියා අසරණවුනා. වාරිජලය නැතිවුනා. කිසිදු වාරිමාර්ග යෝජනා ක‍්‍රමයක්දියත් වුනේ නැහැ.

පවතිනවාරි මාර්ග යෝජනා නඩත්තු කලේ නැහැ. කළට වෙලාවට අවශ්‍ය බිජ ලැබුනේ නැහැ. වෙහෙසවෙලා නිපදවන නිෂ්පාදනවලට හොඳමිලක් ලැබුනේ නැහැ. ධිවරයාටත් ඒ ටිකමයි. දෙමව්පියන්ගේ කණකර උකස් තියලා උපාධීය ගත්තත් රැකියා නැහැ.

අපි රැකියා සඳහා බ‍්‍රැන්ඩික්ස්එකහැදුවා. මේඅයමහබැංකුව හොරකම්කරලා ගත්ත මුදල්වලින්ජනතාවටබොන්නදෙන්න තැනක්හදනවා.

සංවර්ධනයකරමින් තිබූ මාර්ග ඇණහිටියා. මාර්ග නඩත්තුව නතරවුනා. අපි පාලම් හදන්න තියපු මුල් ගල් පැලවෙනවා. මඩකලපුවට බීමට ජලයදී මේ යෝජනා ක‍්‍රම කීහිපයක් අපි ඇරඹුවත් දැන් ඒ දේවල්නතර වෙලා.

මෙහේ ඉන්න මන්තී‍්‍රවරු කෝ. ඒ අය අයවැයට ගිහින් ආන්ඩුවට පක්ෂව අත ඔසවන එක විතරයි කියන්නේ. මේ ප‍්‍රදේශයේ ජනතාවට ලබා ගත්ත එක දෙයක් කියන්න. ඒ දේබලන් ඉන්නබැරි නිසයි වියලේන්ද්‍රන් මන්ත‍්‍රීතුමා ඊට විරුද්ධව ජනතාව ළගට ආවේ.

අපි වියලේන්ද්‍ර‍්‍රන් මන්තී‍්‍රවරයා ආරක්ෂාකර ගත යුතුයි. එතුමාගෙන් උගත් තරුණ තරුණියෝ ඒ මහතා ගිය අඩි පාරේ යන්න අවශ්‍යයි. ඔබට උගත් නායකයෙක් හිමිවෙලා තිබෙනවා.

ඒ අවස්තාවෙන් ප‍්‍රයෝජන ගන්න. 16 වැනිදා උදේපාන්දර ඡන්දපොලට ගිහින් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධීපතිධූරයට පත්කර ගන්න.

අපිට නැගෙනහිර තවත් පක්ෂනායකයෝ ගණනාවක් ඉන්නවා. මම හතර වෙනි ජනාධිපතිවරණයටයි මේ සම්බන්ධ වෙන්නේ. නැගෙනහිර මේ තරම්සහයෝගයක් ඒ කිසිදු මැතිවරණයකදි අපිට ලැබුනේනැහැ. පළමු වතාවට නැගෙනහිර පළාත පොහොට්ටුව ජය ගන්නබව ස්ථිරයි.

Read more

Local News