ගෝඨා නියත වශයෙන්ම ජනාධිපති වෙනවා

Share

ඉතිහාසයේ මොන ගැටළු තිබුණද, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ඡන්දයෙන් පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජනාධිපති කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බේරා ගැනීමට ඇති එකම ගණුදෙනුව වන්නේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත් කරගැනීම පමණක් බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරට පවසා සිටියේ ගමේ සිටිට ඇතැමි නායකයින්ට තේරුන්නේ නැති වුණාට නොවැම්බර් මස 16 දා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂියන්ගේ ඡන්දයෙන් බවයි.

Read more

Local News