විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව වසරේ ඉහළම අගයට

Share

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වසරේ ඉහළම අගයට ළඟාවී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව ජල විදුලි උත්පාදනය සමස්ත දෛනික විදුලි උත්පාදනයෙන් 50% ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වන,

සමනල වැව ජලාශයේ ජල මට්ටම 100% දක්වාත්
කාසල්රි ජලාශයේ ජල මට්ටම 94.6 %
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 90.5%
කොත්මලේ ජලාශයේ ජල මට්ටම 87.7%
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 80.2%
රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 49.2% ක් ඉහළ ගොස් ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News