බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ.
කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය.
හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය.
ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර, හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට මෙක්සිකානු විදේශ අමාත්‍යවරයා ද එක්ව සිටියේය
මොරාලෙස් බොලිවියාවෙන් පලා ආවේ 14 වසරක් වූ වාමාංශික පාලනය අවසන් කරමින්ය.
විරෝධතාවේ නිරත කුමන්ත්‍රණකරුවන් සිය හිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක් ලබාදීමට සූදානමින් පසුවන බවත් මොරාලෙස් මීට පෙර අනාවරණය කළේය.
මේ හේතුවෙන් සිය ජීවිතය රැකගැනීමේ අරමුණින් මෙක්සිකෝවෙන් පලා ආ බවද මෙක්සිකෝවේදී මාධ්‍ය අමතමින් මොරාලෙස් පැවසුවේය.
ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ, තමන් ජීවිතාරක්ෂාව පතා පලාආවත්, සටන් තවමත් අහවර නොමැති බවයි.
මේ අතර මොරාලෙස් ගුවන්යානාවට ගොඩවීමට පැමිණි ගුවන්තොටුපොළ කුමන්ත්‍රණකරුවන් වටකළ බැවින් යානාව පැමිණීම ප්‍රමාද වූ බව මාධ්‍ය අමතමින් මෙක්සිකෝ විදෙස් ඇමතිවරයා පැවසුවේය.
යානාවට ඉන්ධන පිරවීමට පේරු රාජ්‍යය වෙත ගොඩබැස්සවීමට සූදානම් වුවත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බැවින් ඉන්ධන සදහා පැරගුවේ වෙත යාමට සිදුවූ බවත් මෙහිදී වැඩිදුරටත් සදහන් වුණි.
බොලිවියාවේ අඛණ්ඩව ක්‍රියාත්මක වුණු විරෝධතා හමුවේ මොරාලෙස් පසුගිය ඉරිදා ධුරයෙන් ඉල්ලා අස්වූයේ සිය ජීවිතයට තර්ජන ඇති බවට පවසමින්ය.
ඔහු මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ ඉන් අනතුරුවයි.




