ජනාධිපතිධුර අපේක්ෂකයින්ගේ අවසන් රැළි අද කොළඹදී

Share

2019 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණයට අදාල සියළු පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ වැඩපිවළක්ද ක්‍රියාත්මක බවයි.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන 16 වැනිදා පෙරවුරු 07.00ට ආරම්භ වෙයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටුයුතු සිදුකිරීමට අපේක්ෂකයින්ට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ  අද මධ්‍යම රාත්‍රියෙන් පසු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිදු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු සිදු කිරිම තහනම් බවයි.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඍජු හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

එහෙත් අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන බවට ලිඛිත සාක්ෂි ලැබුණහොත් ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම කොමිසම පැවසුවේ.

මේ අතර ජනාධිපතිධුර අපේක්ෂකයින් සහභාගීවන අවසන් ජන රැළි අද පස්වරුවේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් ජනරැළිය හෝමාගම නගරයේදී පැවැත්වෙන අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් ජනරැලිය පැවැත්වෙන්නේ මැද කොළඹ ප්‍රදේශයේදීයි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ජනරැලිය මහරගම නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Read more

Local News