ඇතැම් පක්ෂ ජාතිවාදය වපුරණවා – ජනපති නීතිඥ අලි ෂබ්රි

Share

මැතිවරණයක් අසාන්න වන විට ඇතැම් දේශපාල පක්ෂ විසින් ජාතිවාය වපුරණ බව ජනාධිපති නීතීඥ අලි ෂබ්රි මහතා පවසයි.

අද(13) මොරටුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රනයක් අමතමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා මෙහිදී පවසා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය වැනි දේශපාලන පක්ෂ ජාතිවාදය මත පදනම් වූ පක්ෂ බවයි.

ජාතිවාදය පතුරමින් රටක් වශයෙන් ඉදිරියට යා නොහැකි බව ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා සඳහන් කළේය.

ලංකාවේ සිටින මුස්ලිම් ජනතාවගෙන් සියයට 60ක් පමණ ජීවත් වන්නේ උතුරු නැගෙනහිරි පළාත්වලින් පිටත් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මුස්ලිම් ජනතාවට වෙනම ජීවත්වීමට අවශ්‍ය නොවන බව උතුරු නැගෙනහිරි පළාත්වලින් පිටත ජීවත් වන මුස්ලිම් ජනතාව විසින් හොඳින් තේරුම් ගෙන ඇතැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් දහස් දක්වමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පවැසීය.

“මේ රටේ අපි ජීවත් වීමට අවශ්‍ය නම් අපි අතර සාමය සමගිය තිබෙන්නට ඕනේ. අපේ රටේ මුස්ලිම් අය ඉන්නේ  සියයට 9.7යි, සිංහල අය සියට 74.5යි දෙමළ ජනතාව සියට 15යි මේ සියලුදෙනාම එකතුවෙලා  එක මවකගේ දරුවන් ලෙස ජීවත් වූණේ නැතිනම් අපිට රටක් වශයෙන් ඉදිරිය යන්ට බෑ“

Read more

Local News