නාමයෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ පළාත් පාලන අායතන 248කට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් බවයි.

මෙම නාමයෝජනා භාරගැනීමේ දෙවන අදියර පසුගිය 18 වැනි දා ආරම්භ වූ අතර මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පෙළපාලි යාම සම්පූර්ණයෙන් ම තහනම් බවයි.

Exit mobile version