පොහොට්ටුවේ ජයග්‍රහණය ස්ථිරයි – ගෝඨා

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවණිය ලෙස භුක්ති විදින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (13) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අප  මෙතෙක් මැතිවරණ ව්‍යාපාරය ආදර්ශවත් ලෙස සහ ගෞරවණිය ලෙස පවත්වාගෙන ගියා. ඉදිරියටත් අප බලාපොරෝත්තු වන්නේ ගුණාත්මක සහ එලදායි රජයක් බිහි කිරිමයි. මේ නිසාම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ විජයග්‍රහණය ඉතාමත් ගෞරවණිය ලෙස අන් අයට කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින ලෙසයි.

අප මෙතෙක් අපට පැවරූ සියලුම  රජකාරි කටයුතු ගෞරවණිය ලෙස ඉටු කරනු ලැබුවා.

විරුද්ධ පාර්ශවය වසර ගණනාවක්  මේ ආණ්ඩුව පවත්වාගෙව ගියත් කිසිම  දෙයක් ජනතාවට කළ නොහැකිව  බලය ඉල්ලන පිරිසක් බවට පත්වෙලා.

ඒ නිසාම මෙතෙක් පවත්වාගෙන ආ ආදර්ශවත් භාවය සහ ගෞරවණිය භාවය ඉදිරි රජයක් යටතේ පවත්වාගෙන යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජන හමුවේදි වැඩිදුරටත් අවධාරණය කළේය.

Read more

Local News