වායු දූෂණය නිසා නවදිල්ලියේ පාසල් වැසේ

නවදිල්ලියේ සහ යාබද ප්‍රදේශවල සියලු පාසල් අද (14) සහ හෙට (15) වසා තැබීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

ඒ, නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන්.

ලබන 15 දක්වා මෙහෙයුම් අත්හිටුවන ලෙස ඉන්දීය පරිසර දූෂණය වැළැක්වීම හා පාලන අධිකාරිය නවදිල්ලියේ පිහිටි ඉන්ධන සහ ගල් අගුරු යොදා ගනිමින් සිදුකරන සියලු කර්මාන්තවලින් ද ඉල්ලීමක් කර තිබේ.

අධික වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ පෙනහළු ආශ්‍රිත රෝග ඉහළ යාමේ දැඩි අවධානමක් ද පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version