දියේ ගිලී ජර්මන් ජාතිකයෙකු මරුට

අලුත්ගම පොලිස් වසමේ මොරගල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 78ක් වු ජර්මන් ජාතික අයෙක් බව පොලිසිය පවසයි.

මෘත ශරීරය කළුතර රෝහලේ තැන්පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version