ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹි නිහඬ කාල සීමාව තුල ද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊයේ පස්වරු 04.00න් අවසන් වු පැය 24 තුළ මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික පැමිණිලි මධ්‍යස්ථානය වෙත පැමිණිලි 84ක් ලැබි ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පසුගිය මස 08 වනදා සිට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3905ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 3771ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 27ක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.




