පොළොන්නරුවේ ඡන්ද සූදානම

Share

ජනාධිපතිවරණය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම අද(15) උදැසන 8.00ට ආරම්භ කරනු ලැබූ බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද දයකයින් 326443 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේ දී ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි පවසයි.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවසුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 288ක් වෙත ජන්ද පෙට්ටි ලබාදීම හා රැගෙන යාම අද දිනයේ සිදුකරන බවයි.

මැතිවරණ රාජකාරි වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 6000කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බවද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පැවසුවේය.

Read more

Local News