ජනාධිපතිවරණයට අදාළව 90ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පුද්ගලයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඇතුළු පැමිණිලි 222ක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Exit mobile version