ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට එම නිල ඡන්ද පත්‍රිකා අද පස්වරු 5.00 වන තෙක්ම ලබා ගැනීමට හැකියාව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් එය ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
ජාතික හැඳුනුම්පත ඉදිරිපත්කර ඡන්ද පත්‍රිකාව ලබාගැනීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.




